ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරනු ලබන මහා සංඝ සමුළුව අද (27) පස්වරු 2.30ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා දිවයින පුරා වැඩවාසය කරන මහා සංඝරත්නය එකමුතුව වැඩම කිරීමට නියමිතය.
‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව මෙම සඟ සමුළුව පැවැත්වෙන බව සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ ක ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමි,
“ශාසනාරක්ෂක සංඝ සභාව මගින් ‘සුඛා සංඝස්ස සාමග්ගී’ තේමාකරගනිමින් සංඝයාගේ සමගිය වෙනුවෙන් රටට සම්බුද්ධ ශාසනයට, රට දැය සමය ගොඩනගන්නට, ඉදිරියට ගෙන යන්නට, අරමුණු කරගනිමින් අපි අද දවසේදී සවස 2.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයදී මහා සඟ සමුළුවක් පැවැත්වීමට සියලුකටයුතු මේ වනකොට සූදානම් වෙලා තිබෙනවා. දහස් ගාණක් මහා සංඝරත්නය සිව්දිගින්, මුළු මහත් ලංකාවම නියෝජනය කරමින් වැඩම කරවන්නට නියමිතයි. වර්ථමානය වනවිට රටේ සාසනික වශයෙන් ඇතිවී තිබෙණ විවිධ අර්බුද කාරී තත්ත්වයන් සමනය කරන්නට අදාළ බලධාරීන්ට යෝජනාවලියක් සම්මත් කරගෙන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය