ශ්‍රී ලංකා හමුදාවේ 2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මීමුරේ ප්‍රදේශයෙන් ඉතා අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මාස 3 ක් වයසැති බිලිඳියක බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කළේ පසුගිය දිනක සිටයි.
මෙම 8 දෙනකුගෙන් යුත් කණ්ඩායම දෙසැම්බර් 3 වැනිදා කරම්බකැටිය ගම්මානයේ කළ සෝදිසියකදී නිවසක් තුළ තනිව සිටි මාස 3 ක් වයසැති බිළිදියක සහ ඇගේ ආච්චි අම්මා හමුවී තිබෙනවා.
බිළිදිය සොයා ගන්නා අවස්ථාවේ දැරිය ඉතා දුර්වල තත්ත්වයක සිටි අතර ඇයගේ මව රැකියාව සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් සිට තිබෙනවා.
ආපදා තත්ත්වය හමුවේ ඇයට නැවත පැමිණීමට නොහැකිව තිබු අතර, දැරියට මව් කිරි අත්‍යවශ්‍ය වී තිබුණා.
දරුවා අනතුරේ වැටී සිටින බව වටහාගත් කොමාන්ඩෝ කණ්ඩායම, එදින රාත්‍රියේ තද වර්ෂාව මධ්‍යයේ ඇය මීමුරේ ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් ඇති අතර, මෙහෙයුමේදී සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පසු 4 වැනිදා ගුවන් මගින් මීමුරේට පැමිණි යුද හමුදා වෛද්‍ය බළකායේ කණ්ඩායමක් බිළිදිය සහ මිත්තණිය පරීක්ෂා කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා ගුවන් ගමනකට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්නව සිටින බව තීරණය කිරීමෙන් පසු වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ දෙදෙනාම දිගන ගුවන් හමුදා කඳවුරට ගුවනින් රැගෙන ගොස් තිබෙනවා.
එහි ගිය පසු කොමාන්ඩෝ භටයෝ ළදරුවා ආරක්ෂිතව ඇගේ මවට භාර දීමට පියවර ගත්තා.

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්