ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් පවතින බවද ඔහු සඳහන් කරයි.
තවද ‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව ඔහු අවධාරණය කළා.
ජනාධිපතිවරයා පැවසූ පරිදි වන්දි ලබාදීමට මුදල් තිබුණද, එම වන්දි ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම රාජ්‍ය නිළධාරීන් අභිබවා පැලවත්තෙන් පත් කළ පුද්ගලයින් කටයුතු කරන බවට චෝදනා පවතින බවත්, ජනතාව මත බදු බර පටවමින් ආණ්ඩුව මුදල් රැස් කර ඇති බවත් ඔහු සඳහන් කළා. භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව නොකියන ලෙසද, භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් පවතින බව පැවසීම හේතුවෙන් තමන්ට විවේචන එල්ල වූ බවද ඔහු සිහිපත් කළා.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු