Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 වසරේ ඡන්දදායක සංගණනයට දින නියම වෙයි

3 days ago

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු 2026 පෙබරවාරි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා.

ඒ අනුව, පෙර වසරවලදී මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සඳහන් කළේ.

ඔවුන් පැමිණෙන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බවයි දැක්වෙන්නේ.

පැෆ්රල් සංවිධානයට අනුව, දේශපාලන පක්ෂ නියෝජිතයන්ට සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, නිලධාරීන් තොරතුරු රැස් කිරීමෙන් පසු, ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිලධාරීන්ගේ නිර්දේශ ද නිරීක්ෂණය කළ හැකි බවයි පැවසෙන්නේ.

අක්‍රමිකතා නිරීක්ෂණය වුවහොත්, නියෝජිතයන්ට සංගණන නිලධාරියාට ලිඛිතව දැනුම්දිය හැකි බවත්, එවැනි නිවේදනයක පිටපතක් අදාළ දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස් වෙත වහාම යොමු කළ හැකි බවත් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *