ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවය.
මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිත බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඉදිරියේදී එවැනි රිය අනතුරු සඳහා රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග ලබා දුන් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා,
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා. නමුත් බරපතළ අනතුරු ගත්තාම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරු මහතුන්ගේ තියන නොසැලකිල්ල, අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. දැන් අපි ගත්තාම දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ විශේෂයෙන් පදිකයෝ. පදිකයෝ 31%ක ප්‍රමාණයක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා.”

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්