කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (25) කරුණු වාර්තා කළේය.
විසි පස් හැවිරිදි පැමිණීලිකාර තරුණ ගුරුවරිය, තිස් පස් හැවිරිදි ගුරුවරයා සමඟ ඉකුත් 19 වැනිදා ගල්කිස්සේ පිහිටි සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර නටමින් සතුටුවෙමින් සිට ඇති බවත්, පසුව වෙනත් සමාජ ශාලාවකටද ගොස් ඇති බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අනතුරුව කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගොස් රුපියල් 6000ක මුදලට කාමරයක් වෙන්කරවාගෙන ඇති අදාළ ගුරුවරයා, ගුරුවරිය සමග එදින රැය ගත කර පසුවදා සවස නැවත නිවෙස් වෙත ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගුරිවරිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළේ ඉන් පසුව බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා තම ස්ථානයට කැදවා ප්‍රකාශ ලබාගත් අතර තමන් කිසිදු දෙයක් එම ගුරුවරියට නොකළ බවත් කාමරයක් වෙන්කරවා ගෙන ඇය හා රාත්‍රීය ගතකලේ ඇය ආරක්ෂා කිරීමට බවත් ගුරුවරයා කළ ප්‍රකාශයෙන් සදහන් වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
(නිමන්ති රණසිංහ – ලංකාදීප)

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්