Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පින්නවල අලි ඇතුන් ගැන නිවේදනයක්

19 hours ago

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නාවනු ලබන මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම යළි ආරම්භ කරනු ලැබූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මා ඔය ප්‍රදේශයේ ජලය බොරවීම, ජලය සමග පැමිණ තිබූ වැලි හා රොන් මඩවිල්න අලි ඇතුන් නාවන ස්ථානය යටවීම මෙන්ම එම වැලි අතර අලි ඇතුන්ට අනතුරුදායක වීදුරු කැබලි හා යකඩ කැබලි රැඳී පැවතීම නිරීක්ෂනය වූ බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අලි ඇතුන්ගේ සුබසාධනය හා ආරක්ෂාව සඳහා මා ඔය වෙත අලි ඇතුන් රැගෙන යාම තාවකාලිකව සීමා කිරීමට පින්නවල අලි අනාථාගාරය කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් මා ඔය අලි නාවන ස්ථානයේ රැඳී තිබූ වැලි හා අනෙකුත් අපදව්‍ය ඉවත් කර පිරිසිදු කිරීම සිදුකළ බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 24 වැනිදා සිට අලි ඇතුන් සුපුරුදු වේලාවන් හිදි සාමාන්‍ය පරිදි මා ඔය වෙත රැගෙන යාම නැවත ආරම්භ කළ බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *