Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!

4 weeks ago

පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

අද (12) සවස එම අනතුර සිදුව තිබුණේ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අනතුරින් මෝටර් රථයේ රියැදුරු හා එහි ගමන්කළ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු හා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32, 34 හා 46 වයස්වල පුද්ගලයින් සිව්දෙනෙකි.

තුවාලකරු කිළිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියැදුරුද ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත. 

මෘත ශරීර කිළිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *