මහා සංඝරත්නයට නින්දිත සහ පහත් අයුරින් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ අමාත්‍ය ලාල් කාන්ත මහතා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම්, එහි අනිටු විපාකවලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික සංඝ සම්මේලනය අවධාරණය කරයි.
ඊයේ (12) මහනුවර, මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් මෙම අදහස් පළ කළහ.
දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ තිබුණද, කිසිදු දේශපාලනඥයෙකු මෙවැනි වනචාරී සහ තුච්ඡ අයුරින් මහා සංඝරත්නය විවේචනය කර නොමැති බව ශාසනරතන හිමියෝ පෙන්වා දුන්හ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ:
“රට කාබාසීනියා කරන කූඨ උපක්‍රමවලට අභියෝග කරන්න අපට අයිතියක් තියෙනවා. ලාල් කාන්ත මහතා කැලේ සතෙක් වගේ එළියට ඇවිල්ලා වනචාරී, පහත් ප්‍රකාශයක් කළා. අපි කියන්නේ කරුණාකරලා ඒ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්න. එහෙම නොවුණොත් රට යන දිශාව ගැන අපට හිතාගන්න බැහැ.”
අදාළ අමාත්‍යවරයාගේ හැසිරීම පාලනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි උන්වහන්සේ, එසේ නොමැති වුවහොත් ජනතාව ඉතා ඉක්මනින් මීට ප්‍රතිචාර දක්වනු ඇති බවද ප්‍රකාශ කළහ.

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව