මාතර – තිහගොඩ – නායිම්බල ප්‍රදේශයේ පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර එල්ල වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ 15 හැවිරිදි ළමයාට මේ වනවිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් සිදුකර තිබෙනවා.
ඔහුගේ හිසට වෙඩි වැදී තිබූ අතර, පෙරේදා දිනයේදී හිසේ ශල්‍යකර්මය සිදුකිරීමෙන්
අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අනතුරුව යළිත් වතාවක් ඊයේ දිනයේදී පළමු සැත්කමෙන් අනතුරුව, මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් නිරීක්ෂණය වීම නිසා තවත් සැත්කමක් සිදුකර තිබෙනවා.
මේ වනවිට ළමයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ළමයින් 6 දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද
රථයක සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකළ බවයි සිද්ධිය ඇසින් දුටූවන් සඳහන් කළේ.
එහිදී තුවාල ලැබුවේ මාතර – නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ
හරේෂ් හංසක දේශාන් සිසුවායි.
පසුව, ප්‍රදේශවාසීන් විසින් තිහගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර,
එහි නවතා තිබූ පොලිස් ජිප් රථයකට ද ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂකවරයා නොවැම්බර් මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.
ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන්
අනතුරුවයි.
අදාළ උප පොලිස් පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව එහි දී පිළිගෙන තිබෙනවා.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි