පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවනවා.
මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් එම සංගමය පවසනවා.
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පරිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර, එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ලෙස බලපා ඇති බව ඔවුන් පවසනවා.
එමෙන්ම, රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහල දමා ඇති පසුබිමක, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබා දීමට තීරණය කිරීම බරපතල ගැටලුවක් බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවලිය රජයේ නිල තීරණයක් සෘජුවම හෑල්ලුවට ලක් කිරීමක් වන අතර, දුම්රිය සේවකයින්ට සිදුවන බරපතළ අසාධාරණයක් බැවින් එ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, දුම්රිය ධාවනය නිසි ලෙස සැලසුම් නොකිරීම, කාලසටහන් අක්‍රිය වීම සහ මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් දිනෙන් දින මගී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමින් පවතින අතර මෙම තත්ත්වයට දෙපාර්තමේන්තු පරිපාලනය සෘජුව වගකිව යුතු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු