මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහි ව පවරා ඇති නඩුවෙන් ඔහු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේ.
නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාර ව රිෂාඩ් බදියුදීන් මුදා හරින බව යි
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රකාශ කර ඇත්තේ.
2015 ජනාධිපතිවරණ සමයේ බස්රථ 222ක් මඟින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට අවතැන් පුද්ගලයන් 12620ක් ගෙන යාම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක්
ගෙවමින් අවභාවිත කළ බව කියන සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු කර්මාන්ත ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂක
සම්සුඩීන් මොහොමඩ් යාසින්, අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරිවරයා වන අලගරත්නම්
මනෝරන්ජන් යන අයට එරෙහි ව මෙම නඩුව පවරා තිබුණා.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි