වත්මන් රජය විසින් ලංකා සීනි පුද්ගලික සමාගම වෙත පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට පෙර ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස රුක්ෂාන් ගුණතිලක කටයුතු කළ අතර ඔහු කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.
ඔහුද එම ධූරයට පත් කරනු ලැබුවේ වර්තමාන ආණ්ඩුව විසින්.
ඊයේ (17) දිනයේ ඇය මේ බව විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
රාජ්‍ය හිමිකාරීත්වය දරන ලංකා සීනි සමාගම පාඩු ලබන අතර දැඩි පාලනය සහ මූල්‍ය නියාමනය යටතේ පාලනය වන බැවින් වගවීම සහ පාලනය සහතික කිරීම අවශ්‍ය බැවින් බාහිර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය සීමා පනවා ඇති බව ඇය විසින් අමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා.
ඇගේ සේවා කාලය තුළ චක්‍රලේඛ, රෙගුලාසි සහ නීතිමය ක්‍රියා පටිපාටිය උල්ලංඝනය වන ඉල්ලීම් රැසක් ලැබුණ බව ඇය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම තමන් ද එම නීතිමය බැඳීම්වලට තදින් ම බැඳී සිටි බැවින් ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවද ඇය පෙන්වා දී තිබෙනවා.
එම ආයතනයේ ප්‍රධානීන් දරන ස්ථාවරය ඇතැම් දේශපාලඥනයන් සමග ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් වූ බවද ඇය අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නියමිත නීති රාමු පැහැදිලි කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව ලිපියේ සඳහන්.
නීති, රෙගුලාසි සහ චක්‍රලේඛවලට පටහැනිව කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් ලැබෙන අඛණ්ඩ පීඩනය හේතුවෙන් මගේ රාජකාරී ඉටු කිරීම දුෂ්කර වී ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ හේතු මත ආයතනයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපහසු බැවින් වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව තනතුරෙන් ඉල්ලා අස්වන බවයි නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්කර විෂය භාර අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ.

20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
බංග්ලාදේශ නව අගමැතිට මෝදි කළ ඇරයුම
මතීෂ පතිරණ වෙනුවට නම් කළ ක්‍රීඩකයා මෙන්න
ජනපතිට පරුෂ වචනයෙන් බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!