2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට තීරණය විය. මේ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණු බෙදී ගිය අතර, එම ප්‍රතිඵලයත් සමඟ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සිදුවීම විශේෂත්වයකි.
වසර 17කට පසු, එනම් 2009 වර්ෂයෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු වටයෙන්ම ඉවතට විසි වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්වලට එක්වේ. සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ ප්‍රසාද ලකුණත් සමඟ ඔවුන් ශ්‍රී ලංකාව හා එක්ව ‘B’ කාණ්ඩයෙන් ඉදිරි වටය (සුපිරි 8 වටය) සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගය අත්හිටුවීම හේතුවෙන් ලැබුණු ප්‍රතිඵලය මත අයර්ලන්ත කණ්ඩායමට ද මෙවර ලෝක කුසලාන ගමන අවසන් කිරීමට සිදු විය. මේ අනුව, ‘B’ කාණ්ඩයෙන් සුපිරි අට දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් දෙක ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ නිල වශයෙන් තහවුරු වී තිබේ.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ