2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට තීරණය විය. මේ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණු බෙදී ගිය අතර, එම ප්‍රතිඵලයත් සමඟ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සිදුවීම විශේෂත්වයකි.
වසර 17කට පසු, එනම් 2009 වර්ෂයෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු වටයෙන්ම ඉවතට විසි වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත්වලට එක්වේ. සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ ප්‍රසාද ලකුණත් සමඟ ඔවුන් ශ්‍රී ලංකාව හා එක්ව ‘B’ කාණ්ඩයෙන් ඉදිරි වටය (සුපිරි 8 වටය) සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගය අත්හිටුවීම හේතුවෙන් ලැබුණු ප්‍රතිඵලය මත අයර්ලන්ත කණ්ඩායමට ද මෙවර ලෝක කුසලාන ගමන අවසන් කිරීමට සිදු විය. මේ අනුව, ‘B’ කාණ්ඩයෙන් සුපිරි අට දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් දෙක ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ නිල වශයෙන් තහවුරු වී තිබේ.

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
අද කාලගුණය දරුණු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි