පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන
සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින්
නවකවදයට සම්බන්ධ කටයුතු සිදු කළ බවට පැමිණිල්ලක් පේරාදෙණිය සරසවිය වෙත ලැබී තිබෙනවා.
මෙම පැමිණිල්ල මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්වවිද්‍යාල වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.
අදාළ පැමිණිල්ල සරසවියේ විනයාරක්ෂක පේරාදෙණිය පොලිස් ස්ථානයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපනය ලබන අතරතුර දී වට්සැප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් තමන්ට නවකවදයට සම්බන්ධ ක්‍රියාවන් සිදුකළ බවටයි චෝදනාව සිදු කර ඇත්තේ.
එයට සම්බන්ධ හඬපට හා වීඩියෝ පට ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනය පාලක ආචාර්‍යවරයෙකුට භාර දී ඇති බව පොලීසිය පවසනවා.
එම සාක්ෂිද මේ වනවිට පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී