ඊයේ(05) සිඩ්නි පොලිසිය විසින් 29 හැවිරිදි තරුණියක් සිදු කළ පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.
dating app හරහා ධනුෂ්කව හඳුනාගත් තමන් හට ඔහු විසින් ලිංගික අතවර කළ බවටයි ඇය විසින් චෝදනා කර ඇත්තේ.
සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් The
Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ
සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.
මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීමේ සත්‍යතාව තහවුරු කර තිබෙනවා.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය විසින් ගනු ලබන තීරණ සහ නියෝග දෙස දැඩි අවධානයෙන් පසුවන බවත්, ධනුෂ්ක ගුණතිලක වැරදිකරු වුවහොත් ICC හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්