Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි

2 years ago 1.3 K

කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය.

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා කීය.

COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවයි.

 එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *