Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

අප්‍රේල් 01 වනදා සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

1 week ago

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන පාලන වැඩපිළිවෙළක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

අවුරුදු සමයේ ජනතාව විශාල වශයෙන් ගම්බිම් බලා යාම සහ නගර කරා පැමිණීම හේතුවෙන් මාර්ගවල ඇති වන දැඩි රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා අතිරේක රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් යෙදවීමට කටයුතු යොදා ඇත.

විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම විශේෂ මෙහෙයුම අප්‍රේල් 1 වනදා සිට ආරම්භ වී, උත්සව සමය නිමවී ජනතාව නැවත සිය සේවා ස්ථාන කරා පැමිණෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *