Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග

5 hours ago

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින්, එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ට (Randy George) වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) නියෝග කර තිබේ.

රැන්ඩි ජෝර්ජ් මහතාට සිය ධුර කාලය අවසන් කිරීමට තවත් වසරකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු එක්සත් ජනපද යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි” විශ්‍රාම ගනු ඇති බව පෙන්ටගනය තහවුරු කර ඇත.

ඔහු දශක ගණනාවක් පුරා සිදුකළ සේවය අගය කරන බව පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *