සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කරනු ලබන සාම්ප්‍රදායික කැවිලි මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙවර 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය පවසයි.
එම ආයතනයේ දත්තවලට අනුව, පසුගිය වසරේදී සාමාන්‍ය පවුලක කැවිලි මේසය සඳහා රුපියල් 5,414ක මුදලක් වැය වී ඇති අතර එය මෙම වසරේදී රුපියල් 5,795 දක්වා ඉහළ ගොස් ඇත. මෙය රුපියල් 381ක ශුද්ධ වැඩිවීමකි. කැවිලි මේසය සඳහා අත්‍යවශ්‍ය වන කැවිලි වර්ග 8න් 6කම මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
කැවිලි පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙලෙස පිරිවැය වැඩිවීමට සෘජුව බලපා ඇත. විශේෂයෙන්ම පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයට පෙර 2019 වසරේදී පැවති මිල ගණන් සමඟ සැසඳීමේදී, මෙවර කැවිලි මේසයක් සඳහා යන වියදම 2.5 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ