සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ, දෙහිවල ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලුකර බිමදමා මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරු දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 17 වැනිදා දෙහිවල, වෛද්‍ය පාරේ ගමන් කරමින් සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු තල්ලු කර බිම දමා, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 2,100ක මුදලක් කොල්ලකා සැකකරු පළා ගොස් තිබුණි.
මෙලෙස කොල්ලකා ඇත්තේ එම වයෝවෘද්ධ පුද්ගලයා කුලී වැඩකර උපයාගත් මුදලක් බව පැවසේ.
මෙම අමානුෂික ක්‍රියාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
ඒ වනවිට ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 23ක් වන ඔපන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (20) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වෙයි
බොරතෙල් මිල යළිත් ඉහළට
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!