Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්

13 minutes ago

ඊයේ (03) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

රාජගිරිය – මැදවැලිකඩ ප්‍රදේශයේදී රටවල් 9කට අයත් විදෙස් ජාතිකයින් 120 දෙනෙකු එසේ පොලිස් භාරයට ගනු ලැබුවා.

ඒ අතර චීන, තායිලන්ත, මැලේසියානු සහ වියට්නාම් ජාතිකයින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.

ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ වැරදි සම්බන්ධයෙන් පරීක්සණ සිදුකරන බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී කෝටි 10කට අධික පරිගණක උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *