ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියේය.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාට අයත් බව කියන ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් අනුරාධ තෙන්නකෝන් මහතා මීට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර තිබුණි. අදාළ ප්‍රකාශය අසත්‍ය සහ ද්වේශ සහගත බව පවසමින් අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට අනුරාධ තෙන්නකෝන් මහතාට කළ දැනුම්දීමකට අනුව ඔහු අද මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති සාක්ෂි සහ කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, නීත්‍යානුකූල ක්‍රියාවලියට සහය දක්වන බවත් CID පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවයි
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය
NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් ජනපතිට විශේෂ ලිපියක්
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට
විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්