තම අනියම් සැමියා විසින් සිය දියණිය අපයෝජනයට ලක් කිරීම වසන් කිරීම ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවක් ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අතුරුදන්ව ඇති බව සඳහන්ය.
පදවිය පොලිස් බලප්‍රදේශයේ මවකගේ අනියම් සැමියා විසින් මෙම දියණිය දූෂණයට ලක්ව ඇති බව තොරතුරු අනාවරණය වීමත් සමඟ පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් පොලීසියට ද දන්වා එකී වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක් කර මෙය තහවුරු කර ඇත.
ඒ අනුව සැකකාර තිදරු පියෙකු විසින් මෙම අපරාධය සිදු කොට ඇති බවත් ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පදවිය පොලීසිය පැවසීය.
මේ සම්බන්ධව ඥාතීන් මෙන්ම ගම්වාසීන් ද පොලීසියට තොරතුරු ලබා දී තිබේ.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අංශ කිහිපයකින් ගෙන ඇති බව සඳහන් වේ.
තම දියණියට සිදු වූ අපරාධය වසන් කරමින් ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එකී මව පදවිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඊයේ (05) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දක්වා එකී සැකකාර මව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වින්දිත දැරිය අනුරාධපුර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසු පදවිය පොලිස් භාරයට ගෙන තිබේ.
දියණියගේ ආරක්ෂාව සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ද පොලීසිය පැවසීය.
(source – ada derana)

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා