මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි අසිත නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි හතරකට අධික දේපොළ මධ්‍යඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (05) තහනම් කර තිබේ.
අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ සහ එහි පාලන හා විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරි බී.එම්.ටී. බස්නායක මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම දේපොළ තහනම් කරනු ලැබීය.
මෙලෙස තහනම් කර ඇත්තේ පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක්, පානදුර සින්තවත්ත ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනාකමකින් යුත් ඉදිකරමින් පවතින නිවසක් සහිත ඉඩමක් සහ පානදුර අළුබෝමුල්ල බටහිර රවුම්කඩේ ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් පර්චස් 10.7ක ඉඩමකි.
පානදුර මාදුපිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසේ පසුගිය මාර්තු 13 වැනි දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදුකළ වැටලීමකදි නීති විරෝධි ලෙස උපයාගත් රන් පවුම් 13 සහ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක්ද තහනම් කෙරිණි.
එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත මෙකී දේපොළ පිළිබඳව අනාවරණය වූ අතර ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
(source – ada derana)
මුදල් අමාත්‍යාංශ ලේකම් ඇත්තටම ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද? ඇමති නලින්ද කට අරී
මහ බැංකුවේ සිද්ධියට වැඩ තහනම්ව සිටිය දී දිවි අහිමි වූ නිලධාරියාගේ ඥාතීන් නීතිය ඉදිරියට
චමරි අතපත්තු ලෝකෙන්ම 3 වෙනි තැනට
පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
චාමර සම්පත් විදෙස්ගත වෙන්න අවසර ඉල්ලයි
සන්ධ්‍යාව දැක්කොත් කියන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන
සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප