Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

2 weeks ago

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ සිය ශෝකය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් රජයේ සහ මහජනතාවගේ සේවය වෙනුවෙන් මෙන්ම දුෂ්කර කාර්යක් ඉටු කරන බවත් ඔවුන්ගේ අහිමිවීම දැඩි ලෙස දැනෙනු ඇති බවත් එහි සඳහන් කර ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් සිටියේ රජයේ රැකවරණ සහ ආරක්ෂාව යටතේ බැවින් බන්ධනාගාර පද්ධතියට සේවය කරන නිලධාරීන් මෙන්ම එහි රඳවා සිටින අයද වඩාත් ඉහළ ආරක්ෂාවට හිමිකම් කියන බැවින් එම ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික වගකීමක් බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙම සිදුවීම තුළින් මෙරට බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇති නේවාසික සම්බන්ධීකාරකවරයා රැඳවියන් තදබදය, යල් පැන ගිය ක්‍රමවේදයන් සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් අඩුවීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බන්ධනාගාර පද්ධතීන් හී පවතින බරපතළ අභියෝගයක් බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බවත් එම කමිටුව මගින් යොමු කරන නිර්දේශ රජය ක්‍රියාත්මක කළ යුතු බවත් නේවාසික සම්බන්ධීකාරකවරයා සිය නිවේදනය මගින් දන්වා තිබේ.

එමෙන්ම බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහයෝගය ඇතුළුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *