ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් හය දෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාව සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස වෛද්‍ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාඩ්, විශ්වනාත් එදිරිසිංහ, සංජීව ගුණරත්න, එච්. හේරත්, චමින්ද ප්‍රසාද් කුමාරතුංග යන මහත්වරුන් පත් කර ඇත.
අදාළ පත්කිරීම්වලින් අනතුරුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවක් ද පැවැත්විය.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ තරුණ සංවර්ධන වැඩසටහන්වල දී ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහයෝගය අවශ්‍ය වන බවත්ය.
එම අවස්ථාවේ අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, අරමුණු සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ජාතික තරුණ සේවා සභාවේ කාර්යයන් සඳහා සක්‍රීය දායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.
එමෙන්ම ඉදිරි තරුණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති