ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අද (24) සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බව අවධාරණය කරන නීතිඥ සංගමය, අදාළ ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත ප්‍රකාශ කරන ලෙසට මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට ඍජු අභියෝගයක්ද එල්ල කර සිටියි.
තමන් වෙත එල්ල කරනු ලබන මෙවැනි දේශපාලන ප්‍රහාර කිසිසේත්ම සාර්ථක නොවනු ඇති බව සඳහන් කරන එම සංගමය, ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින බවත්, එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.


ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
අද කාලගුණය
බ්‍රහස්පතින්දා වත්තල සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
‘මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?’ – පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි