මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට පත්ව තිබෙනවා.
අනතුර හේතුවෙන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.
තිස්සමහාරාම දෙස සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටී අසල වූ පසු සම්පත් ආයතනයේ වැට කඩා ගෙන ගොස් කොහොඹ ගසක වැදී තිබෙනවා.
ඒ හේතුවෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිහිපදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.
වැඩිදුර පරීක්ෂණ වීරවිල පොලිසිය විසින් සිදු කරනවා.

ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය
අද කාලගුණය
බ්‍රහස්පතින්දා වත්තල සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
‘මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?’ – පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්