Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිලියන 3,811ක දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්

2 days ago

2024 වර්ෂයේ සිට 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 3,811ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අදාළ කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට අද (31) එක්වෙමිනි.

ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1490ක් වටිනා නීතිවිරෝධී වත්කම් ප්‍රමාණයක් අක්‍රිය කිරීමට කටයුතු කර ඇත.

2025 වර්ෂයේදී රුපියල් මිලියන 1549ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළේය.

එමෙන්ම 2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රුපියල් මිලියන 772ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇති බව හෙතෙම කීය. 

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 239,384 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 995 දෙනෙකුට එරෙහිව නඩුගොනු කර ඇත. පොලිස් භාරයට ගත් සැකකරුවන් 378 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන්ය. 

අත්අඩංගුවට ගත් පිරිසෙන් 3287 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ද ලබාගෙන තිබේ. 

මේ අතර “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු පසුගිය මාස නවය තුළ හෙරෝයින් කිලෝ 2253යි ග්‍රෑම් 834ක්, අයිස් කිලෝ 2640යි ග්‍රෑම් 695ක් සහ කොකෙන් කිලෝ 293යි ග්‍රෑම් 732ක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. 

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 102,116ක් බව වැඩිදුරටත්  සඳහන්ය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *