සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ, 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහාය.
මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වය ඇති විය.
ඉන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් අයෙකු මිය ගියේය.
මේ වනවිට තවත් හය දෙනෙකුට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඒ අවට රැස්වූහ.
ඒ අනුව මෙම තත්ත්වය පාලනය කරගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීති පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එෆ්.යූ ටුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි
මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට! හයක් රෝහලේ!
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්
රත්මලානේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට!
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය! රැඳවියන් 04 දෙනෙකු රෝහලට!
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්! පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි!
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද?
මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?
රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්