Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරයි

7 hours ago

ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එල්ල කෙරෙන ප්‍රබලතම සහ විනාශකාරී බිහිසුණු හමුදා ප්‍රහාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටි බවත්, එහෙත් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එම ප්‍රහාරය අත්හිටුවීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය සහ මැදපෙරදිග සෙසු රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ පදනම මත මෙම ප්‍රහාරය අත්හිටවූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම එකඟතාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම සහ සම්පූර්ණයෙන්ම නාවික ගමනාගමනය සඳහා විවෘත කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම ද ඇතුළත්.

ලෝකයේ යහපත උදෙසා මෙන්ම සාර්ථක හා ප්‍රතිපත්තිගරුක ඉරානයක් අනාගතයේදී පවත්වාගෙන යාම වෙනුවෙන්, ඉක්මන් එකඟතාවයකට පැමිණීමේ පදනම මත ප්‍රහාරය අවලංගු කිරීමට තමන් එකඟ වූ බවත්, ඊශ්‍රායලය ද එම තීරණයට සහාය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *