කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වේ.
ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බවය.
එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගංඟාව පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවේ
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක්
අතීතයේ වෘර්තීය සමිති සටන් ගනනාවකට නායකත්වය දුන් වෘර්තීය සමිති නායක ඩී පී යහම්පත් මහතා අභාවප්‍රාප්ත වෙයි
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරයි
මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්
අධිකරණ ඇමැතිට නීතිඥ සංගමයේ සභාපතිගෙන් ප්‍රශංසා
ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගනී
මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය