පාස්කු ප්‍රහාරය පිටුපස පැවති කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය මෙම නඩු තීන්දුව බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම නඩු තීන්දුවෙන් සතුටු වන දෙදෙනෙක් බවත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.
ඒ,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව ඔහු වෙත මරණ දඬුවම නියම කිරීමට ආසන්න මොහොතේයි.
එහිදී ඔහු සඳහන් කර සිටියේ,
“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය තමයි ඔබේ මේ තීන්දුව. මේ තීන්දුවෙන් සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව මුල ඉඳලම ආරක්ෂා කරපු නිලන්ත ජයවර්ධනයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.”
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති