Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවක් කැඳවයි 

1 day ago

දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 20 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කර තිබේ.

මෙම නඩු කරය අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ජර්මනිය සහ ඩුබායි රාජ්‍යයන්ට යාම සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍යව තිබෙන බැවින් දැනට ඇප මත මුදාහැර තිබෙන විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබාගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව, පෙර නියම කළ පරිදි අදාළ විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ රඳවා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

ඉන් අනතුරුව මෙම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *