Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග 

1 day ago

නොතීසියක් ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

එහිදී අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *