අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 31 වනදා තෙල්දෙණිය පොලීසිය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 385ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් රැඳවුම් නියෝග මත කළ ප්‍රශ්න කිරීම්වලදී, මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 795ක් ද සමඟින් අදාළ ප්‍රධාන ජාවාරම්කරු තැන්නේකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.
කෙසේවෙතත්, මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කරගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකු විසින් තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට උත්සාහ කර තිබේ. එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දියත් කළ උපක්‍රමශීලී මෙහෙයුමකින්, අල්ලස් මුදල ලබා දීමට පැමිණි පුද්ගලයා තෙල්දෙණිය පොලිස් ස්ථානය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු සන්තකයේ තිබූ රුපියල් 5,000/- නෝට්ටු 100ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව අල්ලස් පනතේ ප්‍රතිපාදනවලට අනුව නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කිරීමට ද පොලීසිය කටයුතු කර තිබේ.

මහනුවර, ගාල්ල සහ යාපනය නගරවලටත් සැප බස්
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
චාමික කරුණාරත්නට එරෙහි DNA ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩු 05ක් ගැන අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග
යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට
පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස නෝටන් ප්‍රදේශයට
වයස 60 සම්පූර්ණ වූ පොලිස් නිළධාරීන්ට අමතර සේවා දිගුවක්
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවක් කැඳවයි
රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න තවත් පියවරක් තබයි
අයහපත් කාලගුණය හමුවේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
පොලිස්පති ගැන ප්‍රකාශයක් නිසා පොහොට්ටුවේ මහ ලේකම්ට වැඩ වරදින ලකුණු