Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

2 minutes ago

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය තුළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතරු බලාපොරොත්තු වන්න….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *