කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගය අතරතුරදී සිදු වූ නුසුදුසු ශාරීරික ගැටීමේ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල්ට සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය චර්යාධර්ම පද්ධතියේ 2.12 වගන්තිය (ක්‍රීඩකයෙකු හෝ තරග නිලධාරියෙකු සමඟ නුසුදුසු ලෙස ශාරීරිකව ගැටීම) කඩකිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට මෙම චෝදනාව එල්ල වී ඇත.
පනවන ලද 25%ක තරග ගාස්තු දඩයට අමතරව, දෙදෙනාගේම විනය වාර්තාවලට එක් අවාසිදායක ලකුණ (Demerit Point) බැගින් එක් කිරීමට ද ICC කටයුතු කර තිබේ.
අදාළ වරද ක්‍රීඩකයින් දෙදෙනාම පිළිගෙන ඇති බැවින්, වැඩිදුර නිල විමර්ශනයකින් තොරව පනවන ලද දඬුවම් භාර ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්