Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී

43 minutes ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා 1979 වසරේදී තිරගත වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය දායාද කළේය.

සජීවීකරණයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය සහ කලා අධ්‍යක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක දක්ෂතා දැක්වූ ඒ මහතා ‘සිනමා – මායා’ ග්‍රන්ථයේ කතුවරයා වන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කෙටි කාලයක් සේවය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *