සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් කුඩා ගැහැණු දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලහා, නිල්ලඹ – කුරුකැලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි, පවුලේ බාලම දරුවා වන සනුදී ලක්ෂානි නමැති අවුරුදු 07ක දැරියකි.
ඊයේ (02) පස්වරුවේ සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර, දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ස්වල්පයක් ලබාගෙන අනුභව කිරීමට දැරිය උත්සාහ කර ඇත.
එහිදී සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් දැරිය දැඩි ලෙස අසනීප වී තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ නිවසේ සිටි මව ඇතුළු ඥාතීන් විසින් දරුවා බේරාගැනීම සඳහා ලොරිරථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, රෝහල වෙත ගෙන යන අතරතුරදීත් දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
මෘත ශරීරය දැනට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලහා පොලීසිය විසින් සිදුකරයි.

චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට