Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!

30 minutes ago

දිවුල්වැව, වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව් බැම්ම මත ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැව් බැම්මේ බැඳ සිටි ගවයෙකු බේරීමට උත්සාහ කිරීමේදී ට්‍රැක්ටර් රථය පාලනය කරගත නොහැකිව වැව දෙසට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ වැලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *