Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්

38 minutes ago

පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එලෙස භාවිත කෙරෙන උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද 2026/10 දරන චක්‍රලේඛයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලය පවරා තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව පාසල් ලාංඡනය සහිතව පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බවත් මින් ඉදිරියට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම තීරණය දැඩි ලෙස අධීක්ෂණය කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

“විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා. ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මක වන මහ ක්‍රිකට් ගැටුම්වලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණා කියලා දෙමාපියන්ගෙන් චෝදනා තියෙනවා. ඒ නිසා අපි නිකුත් කරපු 2026/10 චක්‍රලේඛය මගින් පාසල නියෝජනය කරන, ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. එය දැඩිව අධීක්ෂණය කෙරෙනවා. පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන උත්සවය පාසලේ උත්සවයක්. එහෙම උත්වසයක දී කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකළ යුතුයි. ඒ චක්‍රලේඛය අනුව එම අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්තුමාට බලය තිබෙනවා, එම උත්සවය තහනම් කිරීමට.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *