Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක

26 minutes ago

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණය සඳහා නැවත පවරා දී තිබේ.

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් ලක්ෂ 350 ක මූල්‍ය දායකත්වයක් සපයමින් මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම නවීකරණය යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැගිල්ල මුළුමනින්ම පිළිසකර කර ඇති අතර, මගී විවේකාගාර, භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්වූ විශේෂ පහසුකම් මෙන්ම කාන්තා සහ පුරුෂ විවේකාගාර ඇතුළු යටිතල පහසුකම් රැසක් අලුතින් සංවර්ධනය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *