එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
1946 වසරේ සැප්තැම්බර් 6 වනදා හිටපු අග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානයක මහතා ඇතුළු නායකයින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයට අදට වසර 80ක් සපිරෙයි.
ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ මෙලෙස පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
ඒ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ද ආරාධිතයන් ලෙස එක්වුණි.
සංවත්සර සැමරුම ඇරඹුණේ, එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමෙන් අනතුරුවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර මහා සමුළුව එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

පියාව අවසන් ගමන් යැවූ 16 හැවිරිදි අජාසත් පුතා
22 වන සංශෝධනය ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්
පොලිස් සැරයන්වරයෙකුව අවසන් ගමන් යැවූ රිය අනතුර
දෛනික විදුලිය ඉල්ලුමෙහි අඩුවක්
ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!