Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද ඉර මුදුන් වෙන ප්‍රදේශ

33 minutes ago

දිවයිනේ පළාත් කිහිපයකට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මේ අතර සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බැවින් අද (06) දින දහවල් 12:08ට බෙන්තොට, තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *