Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

16 minutes ago

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නගර සභාවේ සිදු වූ මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධිය් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා සහ ලිපිකරුවන්ගෙන් සිදු කරන ලද විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

හිටපු නගරාධිපතිරවයා ඊයේ (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.

මේ වනවිට බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

සැකකාර හිටපු නගරාධිපතිවරයා අද (10) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *