ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස එය නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් සිදු කර තිබේ.
ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ඊයේ (08) පිරිනමන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ අත්සනින් යුතු මෙම සහතිකය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සහ කාර්යක්ෂම රෝග පාලන වැඩසටහන් අගය කර ඇත.
මීට අමතරව, මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Maternal and Neonatal Tetanus) තුරන් කළ තත්ත්වය ද වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී WHO හි විශේෂ ඇගයීමට ලක්විය.

උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු