හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවතින අල්ලස් නඩුවකදී විනිසුරුවරයාගෙන් අඩු දඬුවමක් ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් 750,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණ විනිසුරුවරයකුගේ සහයකයෙකු (ආරච්චි) ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08) නියෝග කළේය.
සැකකාර සහායකයා මහාධිකරණ විනිසුරුවරයාට දුරකථන ඇමතුමක් ලබාදී නඩුවක් සම්බන්ධයෙන් කතා කරගැනීමට උසාවියෙන් පිටතදී හමුවීමට ඉල්ලා සිටීම නිසා විනිසුරුවරයා විසින්ම අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සරණ ගුණවර්ධනගේ බිරිඳ සමග පවත්වා ඇති WhatsApp සංවාද සහ වරින් වර රු. 750,000ක මුදලක් ගිණුම්ගත කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු සහ ඉහත මුදලින් රුපියල් 500,000ක් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකු සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට