Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර

15 hours ago

ඉදිරි දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් අද (07) ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුව හෙට සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *